සෑම සෙනසුරාවකම Cygnus තක්සලාවේ නොමිලයේ පැවැත්වෙන Online ICT classes. මෙම දුරස්ථ අධ්‍යාපන වැඩසටහන සදහා අප වෙත TV එකක් ලබාදුන් පින්වත් මිලාන් මහත්මාට (Shain Milan) අපි යළිත් මෙසේ පුන්‍යානුමෝදනා සිදුකරමු. ඔබත් සුදුසුකම් ලාභී ගුරුභවතෙකු නම් දුරස්ථව මෙම දුෂ්කර ප්‍රදේශයේ දරු දැරියන්ගේ අධ්‍යාපනය සදහා උපකාර කිරීමට කැමති නම් අප හා සම්බන්ධ වන්න. තෙරුවන් සරණයි!
If you are an experienced teacher who would like to teach remotely and help support these disadvantaged children with great potential please join hands with us.
ඉරු දින සවස් වරුවේ නොමිලයේ පවත්වන 9 වසර ගණිතය පන්තිය නොමිලයේ පැවැත්වෙන මෙම පන්ති වල ගුරුභවතුන් සදහා අනුග්‍රාහක දායකත්වය ලබාදීමට කැමති ඔබ වෙතයි මේ ආරාධනය… පිපෙන්නට වෙර දරන මල් කැකුලු වියැකී යන්නට ප්‍රථම ඔවුනට පිපෙන්නට ඉඩ වෙන්න අපි දරන මේ අවංක උත්සාහයට එන්න අප හා අත් වැල් බැද ගන්න….
පොඩ්ඩොන්ගෙ සිංහල පන්තිය… සෑම බදාදාවකම වැලිඔය අපේ සිග්නස් තක්සලාවේ නොමිලයේ… මෙම පන්තිය පවත්වන්නට උපකාර කරන්න මූල්‍යමය දායකත්වය දරන්නට ඔබත් කැමති ද? ඉතාම දුෂ්කරව අඩුපහසුකම් යටතේ පවත්වාගෙන යන අපේ තක්සලාවට හැකි පමණ උපකාර කරන මෙන් අපි ඔයාලගෙන් ඉල්ලනවා… ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි!
ශ්‍රී ශාක්‍යපුත්‍ර සදහම් සෙවන දහම්පාසැලේ දරු දැරියන්ට කොරියාවේ පින්වත් දානපති පිරිසකගේ අනුග්‍රාහකත්වයෙන් ලබා දුන් ඩෙස් බංකු… මනුදම් පිරි අභිමානවත් ජාතියක් ගොඩනැගීම උදෙසා….