Article-01

උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ තිස් වසරක යුද්ධයෙන් පසු නැවත පදිංචි කිරීම් සිදු කල ඉතා දුෂ්කර වැලිඔය එක් ගම්මානයක් වන ජනකපුර ගම්මානයේ ඉතා අසරණව තනිවම ජිවත් වන වයෝවෘද්ධ ඇසිලින් හාමිනේ මව පදිංචිව සිටි විනාශ වෙමින් තිබු ගෙදර, එම මවට පදිංචි වී සිටිය හැකි තත්වයකට පත්කිරීමට අද දින එනම් 2020 දෙසැම්බර් මස 13 වෙනි ඉරු දින අප පදනමේ ශිෂ්‍යාධාර ලාභී පවුල් කීපයක සහ හිතවතුන් පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් පෙරවරු 9.00 සිට දවස පුරා සිදු කෙරුනා. 

එහිදී වහලය නොතැමෙන ලෙස සැකසීමටත්, වැසිකිලිය නැවත සැකසීමටත්, නිවස සහ අවට පිරිසිදු කිරීමටත්, මල් පැල ආදිය සිටවිමටත් කටයුතු පිළියෙළ කෙරුනා.

මෙම කර්තව්‍යය වෙනුවෙන් මුලිකත්වය ගෙන කටයුතු කල එයට මුල්‍යමය දායකත්වය සපයා ඉඩ සලසාදුන්, දෙසැම්බර් 15 වෙනි දිනට උපන් දිනය සමරන පින්වත් උදයන්ගී මොහොට්ටි Udayangi Mohotti

 මහත්මිය ඇතුළු හිතවත් පිරිස සහ පවුල් වල සියලුම දෙනාට මෙන්ම මිය පරලොව ගිය  දෙමව්පියන් ඥාතින් සියලුම දෙනාට අප ශ්‍රී ශාක්‍යපුත්‍ර පදනම වෙනුවෙන් ඉතාම කෘතඥ පුර්වකව මෙසේ පුණ්‍යානුමෝදනා සිදු කරමු.

එමෙන්ම අප හට රීප්ප සහ ශ්‍රම දායකත්වය ලබා දුන් අප පදනමට හිතවත් ප්‍රදේශයේ තරුණ පිරිසට ද, කුඩා කල සිටම ගුණ ධර්ම වන්නට පුරුදු වෙන අපගේ ශිෂ්‍යාධාර ලාහි දරු දැරියන් සහ සම්බන්ධ වූ වැඩිහිටියන් සියලුම දෙනාට ද, සියලුම දේ සොයා බලා මෙම වැඩ කටයුත්ත සංවිධානය කල අප පින්වත් සේනානායක සොහොයුරා ට ද, උත්පලා සොහොයුරියට සහ පින්වත් නිශාදි දියණිය ට ද අපි පුණ්‍යානුමෝදනා සිදු කරමු.

ඔබ සියලුම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා! මේ රැස් කරන සියලුම පුණ්‍ය සම්භාරයන් වහ වහා චතුරාර්ය සත්‍යාවබෝධය පිණිසම උපකාර වේවා…!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *